තුඩෙන් තුඩ ගා
රහස් මුමුණා
අයිත් පියඹා
එවන් කාලයගිමන් නොහෙලා
සුළං පරදා
අයිත් උදුරා
ගනින් කාලයඋගුල උගුලා
කඩා බිඳ දා
නැවුම් ලොව
ඉදි වෙයන් කාලයරුවන් විජිතය
මවන්නට බෑ
හදන්නට දැන්
ඇවිත් කාලය
– සරත් මුණසිංහ ආරච්චි –
විරාමය නැත
සුවඳ ඇවිදින්
මෙන්න සමනලු
ඉව අරන්වසන්තය ගැන
රාව පතුරන
ඔන්න සියතුන්
මඟ බලන්තිමිර මළුවට
වෙලා සිටි මගෙ
මෙන්න පන්හිඳ
පණ අරන්ලවන් පොපියන
සිසිල් ගොමුවෙදී
පුදමි තව කවි
ඔබ සොයන්
– සරත් මුණසිංහ ආරච්චි –
සපැමිණි යළිත්
විෂ උල් කටු දරාගෙන
ලතා මඩුළු අතරින්
රස පෙරාගෙනමුකුලිත නොවී කවි වැල් ඇත
සිනහගෙන
එනවද ඔබත්
මග ඉන්නම් බලාගෙනඅවිවේකයෙන් අවිවෙකව
වෙහෙස වුන
ඔව් මම දනිමි
ඔබ හට වුනු අරුම ගැනපුන්සඳ ඒවි
මම ඉන්නෙත් ඇඟිලි ගැන
කම් නෑ බලමු
මගේ කවි ඉඩ ලැබුණු දින
– සරත් මුණසිංහ ආරච්චි –